FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | චීනය) – නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වනවිට 1523 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 66,962 ක් වන අතර ගත වූ පැය 24 තුළ මරණ 150 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවල සඳහන් වෙයි.

අප්‍රිකානු කලාපය වෙතද ව්‍යාප්ත වෙමින් වෛරසය ආසාදිත පුද්ගලයෙකු ඊජිප්තුවෙන් හමු වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පසුව ආසාදිතයෙකු වාර්තා වන මැද පෙරදිග කලාපයේ දෙවන රට වන්නේද එයයි.

ආසාදිතයා විදේශිකයෙකු වන අතර එම පුද්ගලයා රෝහලක හුදෙකලාව රඳවා තබා ප්‍රතිකාර කරන බවත් , ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් එරට සෞඛ්‍යය අමාත්‍යංශය පවසයි.