FAST NEWS

24×7 Around the Globe

මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය වසරේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ගේ පියා ඇතුළු සය දෙනා ලබන 28 වනදා දක්වා අද (14) යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි. 

ඒ මෙම සැකකරුවන් පිරිස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.