FAST NEWS

24×7 Around the Globe

දුම්මලසූරිය ස්ථානාධිපති ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්මලසූරිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල කුමාර ගමගේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද (14) කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර දුම්මලසූරිය පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථානයකට පහරදීමක් සිදුවූ අතර දුම්මලසූරිය පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවේය.

මිට අමතව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත් වූ සැකකරුවෙකු දුම්මලසූරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකුද දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව වාර්තා වේ.