FAST NEWS

24×7 Around the Globe

කෝවිලක් තුළ අයෙකු සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිකුණාමලය, නිලාවැලි මාර්ගයේ කෝවිලක් තුළදී හින්දු පූජක සහයකයෙකු ගෙල වැලලා ගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.

ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දීය ජාතික 19 හැවිරිදි පූජක සහයකයෙකි.

ඔහු ආන්ද්‍රා ප්‍රදේශ් සිට මෙම මස 6 වනදා මෙම කෝවිල වෙත පැමිණ තිබේ.

අධ්‍යාපන කටයුතු සඳහා මෙලෙස ඔහු පැමිණ ඇති අතර කෝවිල් බිමේ පිහිටි කාමරයක නවාතැන් ගෙන මෙම තරුණයා අධ්‍යාපන කටයුතු සිදුකර ඇති බව වාර්තාවේ.

තමන් නවාතැන්ගෙන සිටි කාමරයේ විදුලි පංකාවක එල්ලී මෙම හින්දු පූජක සහයකයා සියදිවි හානිකරගෙන ඇති නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.