FAST NEWS

24×7 Around the Globe

දිවයිනට පැමිණි උදයංග වීරතුංග CID අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

ඔහු අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.