FAST NEWS

24×7 Around the Globe

අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්නැයි චීන රජය ඉල්ලයි[PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් |කොළඹ) –  කෝවිඩ් 19 ට ගොදුරුව ඇති රෝගීන් ඝාතනය කරන බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කටකතාව සම්පුර්ණයෙන් අසත්‍ය බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

මේ වන විට කෝවිඩ් 19 ට ගොදුරුවී ඇති රෝගීන් සුව කිරීම සඳහා චීන රජය දැඩි වෙහෙසක් දරයි.

වෛද්‍ය වෘත්තිකයින් 11,000 ක් පමණ මෙවන් විට රටපුරා යොදවා තිබේ .

එසේම විශේෂඥයින්ගෙන් සැදුම්ලත් රෝහල් දෙකක්ද මේ වන විට රෝගීන්ට ප්‍රතිකාර කිරීම් සඳහා ඉදි කර ඇත.

මේ නිසා කිසි ලෙසක රෝගියෙකුගේ ජීවිතයකය හානි කිරීමේ බලාපොරොත්තුවක් හෝ නොමැති බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.