FAST NEWS

24×7 Around the Globe

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව ලබන 20 වන දා සිට යළි විභාගයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගිරිතලේ මුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ලබන 20 වනදා සිට විභාගයට ගැනීමට නියම කළේය.

මෙම නඩුව අද(13) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අධිකරණය විසින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකතන ඇමතුම් දහයකට අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව අදාළ නඩුව ලබන 20 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය.