FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායලය මෙරටට තාක්ෂණික සහය දෙන්න සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටත් සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමට තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානම් බව නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රොන් මල්කා පවසයි.

ඇය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වාදීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කිරීමට තම රටට හැකියාවක් ඇති බව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා ප්‍රකාශ කළ බවයි.