FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටියක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේ මෙම වැටලීම කර ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකායේ මූලස්ථාන කඳවුරේ නිළධාරින්ට ලද තොරතුරකට අනුවය.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් පමණ වන අයෙක් වන අතර ඔහුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය පැවසුවේ මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවන බවයි.