FAST NEWS

24×7 Around the Globe

හඬපට නැවතත් කරලියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සුදානමක් පවතී.

අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.