FAST NEWS

24×7 Around the Globe

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වේ.

ඔහු සිය බිරිද සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඔහු විසින්ම තියුණු ආයුධයකින් ඇනගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ දෙහිවල පොලිසිය විසින් මෙහෙය වනු ලබයි.