FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයකු වන විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තීරණය කර ඇත. 

90 දශකය තුළදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධව එහි වාදක මණ්ඩලයේ කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සම්බන්ධව හසළ දැනුමක් ඇත්තෙකි.

නව සභාපතිවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ හා දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.