FAST NEWS

24×7 Around the Globe

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා මුදා හැරීමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 

මෙම සිසුන් පිරිස දින 14 ක කාලයක් පුරාවට එම කඳවුරේ රැදී සිටියි.

මොවුන්ට කෝවිඩ් 19 වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කිරීමෙන් පසුව ඔවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට හේතුවක් නොමැති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.