FAST NEWS

24×7 Around the Globe

සජින්ද වාස්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි‍

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්ෂි විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

ඒ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව කටයුතු කරමින් වසර 5ක් තුල රුපියල් 30 කෝටි හැට දෙලක්ෂයක් උපයා ගෙන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට පවසමින් මොහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.