FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ඇමෙරිකා ජනපති ඔබාමා හමුවෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයා ඊයේ (28දා) ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හමුවිය.
ඇමෙරිකාවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා ඊයේ (28දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි වූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඇමරිකා ජනාධිපති අතර හමුව සිදුවිය.