FAST NEWS

24×7 Around the Globe

ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවට හා ඒ අවට පුද්ගලයන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුලට පැමිණෙන කොරෝනා රෝගීන් හඳුනාගැනීමටත්, අවම කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තිබෙන අතර , ඒ අතර විශේෂ වැඩපිළිවෙලක් කාටුනායක ගුවන්තොටුපොළේ ක්‍රියාත්මකව පවතියි. 

මෙමගින් ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට, ගුවන්තොටුපොළ පරිශීලිකයින්ට කොරෝනා රෝගය වැළඳීම ඇති ඉඩකඩ අවමකර ඇති බව ගුවන් තොටුපොළේ මගීන්ගේ සෞඛ්‍ය කටයුතු පිළිබද අධීක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියේය.

ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්ට මෙම රෝගය වැළඳීමට ඇති ඉඩ කඩ ඉතා අවම බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙසයි ඔහු මහජනතාව දැනුම් දෙන්නේ.