FAST NEWS

24×7 Around the Globe

තරුණ පාර්ලිමේන්තුවේ නාමයෝජනා බාර ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12)සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරේ.

මේ පිළිබඳ විමසීම සඳහා 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ කරුණු විමසිය හැකිය.

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22 වනදා පැවැත්වීමට නියමිත අතර මේ සඳහා තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මැතිවරණය සංවිධානය කරනු ලබයි.