FAST NEWS

24×7 Around the Globe

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අනිද්දාට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් සැකකරුවන් 5 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අනිද්දා තෙක් කල් තැබීමට නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂට අයත් බව පැවසෙන ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ අයථා ගණුදෙනුවකදී රුපියල් මිලියන 30 ක් උපයා ගත් බවට චෝදනා කරමින් සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අද (10) පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගමක සභාපතිවරයෙකු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

තවද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ 7 – 8 සහ 10 යන සාක්ෂිකරුවන්ට අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි යැවීමටද නියෝග කළේය.