FAST NEWS

24×7 Around the Globe

අන්තර් ජාලයෙන් ළමා අපචාර සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන අංශය කළ විමර්ශනයකින් අනතුරුව අන්තර්ජාලය හරහා සිදුකරන ළමා අපචාර පිළිබඳව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන ආකාරයට සැකකරු සමාජ ජාල හරහා සකස් කරන ව්‍යාජ whatsapp, instagram, face book හා snapchat ගිණුම් හරහා කොළඹ හා ඒ අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රැවටීමට ලක්කර තිබේ.

සැකකරු විසින් කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් මෙම රැවටීම සිදුකර ඇති අතර පසුව ඔවුන් බියට හා ත්‍රාසයට පත්කොට තර්ජනය කර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන පසුව ඒවා දේශීය හා විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වෙත ලබාදෙන බවට අණාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.