FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

මීට පෙර එම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබුණි.

වයසින් ඊට වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ලැබීය.