FAST NEWS

24×7 Around the Globe

හමුදා සාමාජිකයින් ඇතුළු 21 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ධර්මපුරම් ප්‍රදේශයේ නිධන් හැරීමට ගිය යුද හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට සේවයේ නිරත යුද හමුදා සාමාජිකයින්, යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සාමාජිකයින් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

යුද හමුදා අංක සහිත වාහනයක් ඇතුළු සුඛෝපභෝගී වාහන තුනක්ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.