FAST NEWS

24×7 Around the Globe

රන්ජන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අධිකරණ නියෝගයට අනුව රැගෙනවිත් තිබේ.

ඒ කටහඬ පරීක්ෂණයක් කිරීම සඳහා වෙයි.

පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද හඩපට සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඩ පරීක්ෂණයකට යොමු කරවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ අතර බලපත් අලුත් නොකල ගිනි අවියක් ලග තබාගැනීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීමට නියමිතව ඇත.