FAST NEWS

24×7 Around the Globe

ගංගාරාමයේ නවම් මහා පෙරහැර අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර මංගල්‍ය ආරම්භ වේ.

හෙට දින පැවැත්වෙන අවසන් මහා පෙරහැරෙන් නවම් මහා පෙරහැර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.

නවම් පෙරහැර උද්‍යාන වීදිය ඔස්සේ ජිනරතන පාර, හුණුපිටිය වැව පාර , ඩබ්ලිව්.ඒ.ඩි රාමනායක මාවත ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත ඔස්සේ ගමන් කර නැවතත් විහාරස්ථානයට පිවිසීමට නියමිතව තිබේ.

නවම් මහා පෙරහැරට මෙවර උඩරට , පහතරට සහ සබරගමු සම්ප්‍රදායේ නර්තනාංග වලින් ද පෙරහැර වර්ණවත් වන අතර අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගීවීමට නියමිතව ඇත.

ගංගාරාම නවම් මහා පෙරහැර හේතුවෙන් අද සහ හෙට පස්වරු 6.30 සිට ඒ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරන අතර ඒ පිළිබඳව අවධානය යොමු කොට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.