FAST NEWS

24×7 Around the Globe

ලයනල් ගුණතිලක STF නව අණදෙන නිළධාරී ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිළධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත. 

නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිළධාරියා ලෙසද කටයුතු කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පසුගියදා විශ්‍රාම ගියේය.