FAST NEWS

24×7 Around the Globe

විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අද (06) කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර, එහිදී ඔහුගේ ගමන් මළු රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළේය.

එහි තිබී රුපියල් 15 ලක්ෂ 76,000 ක් වටිනා විදේශීය දුම්වැටි අඩංගු කාට්න් 156 ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරු 47 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.