FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී සහ බිරිඳ CID භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) පෙරවරුවේ භාරවී තිබේ. 

ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කළේය.

මේ වනවිට මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින අතර , ඉන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.