FAST NEWS

24×7 Around the Globe

ලංවිමට තෙල් සංස්ථාවෙන් ණය දීමේ සීමාව ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දස දහස දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 8800 ක් වෙයි.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මහින්ද අමවීර මහතා සදහන් කළේ අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුකර ජනතාවත් රජයත් අපහසුතාවට පත් කිරීමට උත්සහ කළ නිළධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවයි.