FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන්ට පළවනදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු මස පළවැනිදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (05) අනුමැතිය ද හිමිවූ අතර , වසරක පුහුණු කාලයකින් පසු එම උපාධිධාරීන්ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතයි.

පුහුණුව පැවැත්වෙන කාලසීමාව තුළ එම උපාධිධාරීන්ට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ද ලබා දෙනු ඇත.

මෙම රැකියා විරහිත උපාධිධාරීන්ව ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහා ද යොමු කිරීමට නියමිතව ඇති අතර , දිවයින පුරා සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කට ආසන්න බව රජයේ දත්තවල සඳහන් වෙයි.