FAST NEWS

24×7 Around the Globe

චීනයේ සිට පැමිණි සිසුන්ගේ සෞඛ්‍ය තත්වය තවත් පරීක්‍ෂා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

අද(05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව තවදුරටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර ඇය සම්බන්ධයෙන් සිදුකරන ලද ජෛව සාම්පලයක් පරීක්ෂණ සඳහා හොංකොං වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබේ.