FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වංචාව ගැන මහබැංකුවේ හිටපු අධිපති අද කියූ කතාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටට සත්‍යය හෙළි කිරීම සඳහා ප්‍රශ්නගත බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව මහබැංකුවේ හිටපු අධිපති සහ අගමැති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.

මෙම වංචාව සංවිධානාත්මක අපරාධයක් බව පෙන්වාදෙන ඒ මහතා හදිසියේ සිදුවූ දෙයක් නොවන අතර එය බොහොම සැලසුම් සහගතව සිදුකර තිබෙන බවද මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බවද සදහන් කරයි.

අගමැති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.