පාසල් වේලාව තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ පෙරවරු 7.30ට සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ එලෙස පෞද්ගලික පන්ති පැවැත්වීමෙන් පාසල් අධ්‍යාපනයට බාධා පැමිණෙන බවයි.
මේ හේතුව නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.







