FAST NEWS

24×7 Around the Globe

හේමසිරි – පූජිත්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ මහාධිකරණය විසින් විසින් ප්‍රකාශිත ඇප කොන්දේසි කියවා අනතුරුව සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අනතුරු නඩුව නැවත මැයි මස 6 වනදා කැඳවීමට නියමිතයි.