FAST NEWS

24×7 Around the Globe

විදුහල්පතිනියගෙන් පහරක කෑ සිසුවියක් අක්ෂි රෝහලට

(ෆාස්ට් නිව්ස් | කුලියාපිටිය) –  විදුහල්පතිනියකගේ පහර කෑමට ලක්වූ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම සිද්ධිය වාර්තා වන්නේ කුලියාපිටිය – කඩිගමුව මහා විද්‍යාලයෙන්.

පසුගිය සඳුදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී තම දියණිය මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව දියණිගේ පියා සඳහන් කළේය.

අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන දැරිය සඳහන් කර ඇත්තේ තවත් සිසු සිසුවියන් පිරිසකට විදුහල්පතිනිය පහරදීමේදී තමන්ටද පහරවැදුණු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා බිංගිරිය පොලීසියට පැමිණිල්ලක්ද යොමුකර ඇත.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට එම විදුහල්පතිනියව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත.