FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ කාරක සභා තුනක නම් අද ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ කාරක සභා තුනක් සඳහා නම් කර ඇති සාමාජිකයන් අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඒ අනුව කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව, කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කරයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතාව නම් කිරීමට පසුගියදා තීරණය කර තිබේ.