FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළදි බවට සැක 3 ක් IDH රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත්ව සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කරයි.

මේ තිදෙනාම චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවත්, ඔවුන්ට කොරෝනා වෛරසය ශරීරගතවී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශරීර සාම්පල් පරීක්ෂණාගාර වෙත යවා ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි.