FAST NEWS

24×7 Around the Globe

පූජිත් – හේමසිරි යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 05 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. 

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල සහ ප්‍රහාරයේ හානිය අවම කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදියි.