FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම තුරන් කිරීමට එකම වේලාවකදී පිරිත් දේශනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව පුරාම එකම වේලාවකදී පිරිත් දේශනා පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ කොරෝනා වෛරස අවධානම තුරන් කිරීම අරමුණු කරගනිමින්.

මෙම පිරිත් දේශනා අනිද්දා (05) පස්වරු 6.00 ට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර එක් එක් පොලිස් වසම්වලට අදාල විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ එම බල ප්‍රදේශය තුල එකම ස්ථානයකට වැඩම කරවා රතන සූත්‍රය ප්‍රධානව පිරිත් දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහි ප්‍රධාන වැඩසටහන අනිද්දා පස්වරු 6.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.