FAST NEWS

24×7 Around the Globe

වූහාන් සිට මත්තලට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | මත්තල) – වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ.

————————————————————————————————————————————

චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය (UL1423) මීට ටික වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවේය.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණි.

සිසුන් පිරිස දින 14 ක නිරෝධායන කටයුතු සඳහා තව ස්වල්ප වේලාවකින් දියතලාව යුධ හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි.