FAST NEWS

24×7 Around the Globe

චීනයේ සිටින ලාංකික සිසුන් 48 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ කොරෝනා වෛරස ගැටළුවට මැදි වී සිටින මෙරට ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) රාත්‍රීයේ සහ අද (31) අලුයම ගුවන් යානා වලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඊයේ රාත්‍රී 9.00 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 දෙනෙක් දිවයිනට පැමිණියේය.

තවද අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 06 දෙනෙකුද , ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 09 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව , ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කෙරු බව සඳහන්.