FAST NEWS

24×7 Around the Globe

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලක්සම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 

බෝර්න් මහතා සමග සිව් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.