FAST NEWS

24×7 Around the Globe

චීන තානාපති හා අගමැති අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (30) පස්වරුවේ මෙරට සිටින චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි.

නව කොරෝනා වෛරසය පාලනයට චීන රජයට කල හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කරයි.

අදාළ ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට රටවල් දෙකම කටයුතු කෙරෙමින් පවතින බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.