FAST NEWS

24×7 Around the Globe

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් හෙට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 72 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙවර නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

මෙම සැලැස්ම නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

පළමු නිදහස් දින පෙරහුරුව හෙට (31) උදෑසන 8.30 සිට දහවල් 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි.