FAST NEWS

24×7 Around the Globe

ඉමිතියාස් – රෝසි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. 

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ අතර, නව සාමාජිකයින්ගෙන් සැදුම් ලත් මෙම වසරේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (30) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.