FAST NEWS

24×7 Around the Globe

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත් වේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 එය පැවැත් වීමට නියමිතව ඇත.

අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු වන්නේද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් වන අවසන් ස්ථාවරය තීරණය කරන බව ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල කාරියවසම් සඳහන් කළේය.