FAST NEWS

24×7 Around the Globe

පාඨලීගේ රියදුරුගෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් දී තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුවයි.

තවද ඔහු පැයක පමණ කාලයක් එම ප්‍රකාශය ලබාදී ඇති බව සඳහන්.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙසයි මොහු නම් කර තිබේ.