FAST NEWS

24×7 Around the Globe

රන්ජන් යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙබරවාරි 12 වනදා දක්වා අද (29) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොලගේ නියෝගයකට අනුවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පසුගිය 14 වනදා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරයා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.