FAST NEWS

24×7 Around the Globe

වුහාන් හි ලංකා සිසුන් ඉවත් කිරීමට තවමත් අවසරයක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී තිබෙන චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් අවසරයක් ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.  

වුහාන් නගරයට මේ වන විට කිසිවෙකුටත් ඇතුල් වීමට හෝ ඉන් පිටවීමට අවසර නොලෙැබෙන අතර , එහි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල උදවිය නගරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව චීන රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිසුන් පිරිස ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමට මෙතෙක් චීන බලධාරීන්ගේ අනුමැතිය ලැබී නොමැත.

බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් හි පිහිටි ගුවන්තොටුපළට ගොඩබෑම සඳහා ද ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත.