FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි මිලිග්‍රෑම් 20ක් සහ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රැම් 200ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.