FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරියට සාමාජිකයින් පත් කිරීම ඉදිරියේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි සති දෙක තුළදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය දින කිහිපයේ පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුනු අතර ඒ පිළිබඳව මේ වන විටත් තීරණයට පැමිණ නොමැති බවට වාර්තා වේ.