(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (25) පස්වරු 5.30 ට පමණ පුස්සැල්ලාව නගරයේ මුද්‍රණාලයක හටගත් ගින්නකින් එම මුද්‍රණාලය පැවැති ගොඩනැඟිල්ල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්ව ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.
පුස්සැල්ලාව නගරයේ වෙළෙඳ සැල්වලට මැදිව පිහිටි මෙම මුද්‍රණාලයේ පැවැති සියළුම උපකරණ ඇතුළු ලිපිද්‍රව්‍ය සියල්ලම සම්පුරණයෙන්ම විනාශයට පත්ව තිබේ.
පුස්සැල්ලාව නගර වැසියන් හා තරුණ පිරිස එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම මුද්‍රණාලයට සිදුව ඇති අලාභයද මෙතෙක් ගණනය කොට නොමැත.
පුස්සැල්ලාව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.








